frequently asked questions (FAQ)

මෙම වෙබ් අඩවිය කුමක්ද??
බොහෝ කලක සිට විසඳීමට නොහැකි සුහද මාරු ගැටළුවට විසඳුමක් සොයා යාම සඳහා මෙම වෙබ් අඩවිය ඉදිරිපත් කර ඇත..
මෙය ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි අංක (WFF1461) යටතේ ලියාපදිංචි කර ඇත.


මෙම වෙබ් අඩවියේ අරමුණ කුමක්ද?
සුහද මාරුවක් සොයා ගැනීම ඉතාම අපහසුය. සමාජ ජාල තුල පවතින groups /pages මේ සඳහා උපකාරී වනනමුත් ඒ සඳහා විශාල කාලයක් වැය කරමින් නිතරම එහි දත්ත නිරීක්ෂණය කල යුතුය. මෙම වෙබ් අඩවියේ අරමුණ වන්නේ සුහද මාරු අවශ්‍ය පිරිස එකම ස්ථානයකට එකතු කර ගැනීම මගින් ඔවුන්ගේ සුහද මාරුව වඩාත් පහසුවෙන් සොයාගැනීමට උදව් කිරීමයි.
මෙමගින් ඔබට වෙනත් අය හදුන්වාදීම පමණක් සිදු කරන අතර ඉන්පසු කිසිදු ක්‍රියාවලියකට සම්බන්ධවීම හෝ කිසිදු ක්‍රියාවලියක (ආයතනික හෝ පෞද්ගලික ) වගකීමට අප බැඳී නොමැති බව සලකන්න.

මෙම වෙබ් අඩවිය මගින් ඔබට ලැබෙන වාසි,
1. වෙබ් අඩවියට දත්ත ඇතුලත් කිරීමෙන් පසුව ඔබට ගැලපෙන සුහද මාරුවක් ලැබුන විට දැනුම්දීම.
2. දෙදෙනක් අතර මෙන්ම තිදෙනෙක් අතරද සුහද මාරු ගලපා ගැනීමට හැකිවීම.
3. තමන්ගේ නම සහ රෝහල ප්‍රසිද්ධ කිරීමකින් තොරව තමන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කරගනිමින් භාවිත කල හැකි වීම.



මෙම වෙබ් අඩවිය කවුරුන් සඳහාද?
මෙම වෙබ් අඩවිය හෙදියන්ගේ සුහද මාරු සඳහා නිර්මාණය කර ඇත.
ඉදිරියේදී සෞඛ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සඳහාද ඉදිරිපත් කෙරේ.


මේ සඳහා කවර මුදලක් ගෙවිය යුතුද?
අපගේ පැකේජ පිළිබඳව දැනගැනීම සඳහා Pricing පිටුව වෙත පිවිසෙන්න.


මෙම පද්ධතිය ඉදිරියේදී වැඩි දියුණු වන්නේ කෙසේද?
ඉදිරියේදී ඔබට ස්වයංක්‍රීය SMS පණිවිඩයක් ලබාදීමට මෙම පද්ධතිය දියුණු කිරීමට බලාපොරොත්තු වේ.


මෙම පද්ධතිය මගින් නිසි ප්‍රයෝජනය ලබා ගැනීමට නම් මෙහි සාමාජිකයන්ගේ වගකීම කුමක් විය යුතුද?
සාමාජිකයින් ලබාදෙන තොරතුරු මත ගැලපීම සිදු කරන බැවින් කිසි විටකත් අසත්‍ය තොරතුරු ඉදිරිපත් නොකළ යුතුය.
මෙම වෙබ් අඩවිය පිළිබඳව අනිකුත් හෙදියන් දැනුවත් කිරීම මගින් සියලුම සුහද මාරු අවශ්‍ය හෙදියන් එකම තැනකට එකතු කිරීමට හැකි වේ.එවිට සුහද මාරු ගැලපීමට ඉතා පහසු වේ.


ඔබ විසින් කිසියම් නියෝජිතයන් මේ සඳහා පත් කර ඇතිද?
නැත. කිසිවෙක් අපගේ වෙබ් අඩවියේ නම සඳහන් කරමින් මුදල් ඉල්ලා සිටියහොත් වහාම අප හට දැනුම් දෙන්න.
වෙබ් අඩවියේ සඳහන් ගිණුම් වලට හැර කිසි ලෙසකින් බාහිර පුද්ගලයින්ට මුදල් ගෙවීමෙන් වලකින්න.